සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) ලෙස කටයුතු කළ චානුක ලියනගේ මහතාට උපහාර දැක්වීම වෙනුවෙන්, ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2025.10.07 දින මෙම උත්සවය පවත්වන ලදී.
සහකාර අධ්‍යක්ෂක ලෙස මාස 7ක පමණ කෙටි කාලයක් තුළදී වුවත්, සැලසුම් අංශය මගින් සිදු කරනු ලබන ග්‍රාමශක්ති වැනි විවිධ ව්‍යාපෘති සක්‍රීය කරමින් අවශ්‍ය නායකත්වය එතුමා ලබා දුන්නේය. එම විශිෂ්ට සේවාව අගය කරමින් සියලු නිලධාරීන්ගේ උපහාරය එතුමාට පිරිනමන ලදී.
Qatar Charity රාජ්‍ය නොවන ආයතනය මගින් සිදු කරන ලද දිලිදු පවුල් සහ ආධාර අවැසි හොරොව්පොතාන ජනතාව සදහා භාණ්ඩ සහ උපකරණ ලබා දීමේ වැඩසටහනක් 2025.09.30 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරීශයේ දී සිදු කෙරෙණි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි, කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පවුල් 200 කට පමණ ආධාර උපකරණ එදින ලබා දෙන ලදී.
ජනාධිපති අරමුදල මගින් ප්‍රදේශීය ලේකම් කාර්යයාල මට්ටමින් ලබා දෙන වැඩ සටහනේ, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යයාල හරහා ලබා දුන් ප්‍රථම වෛද්‍යාධාර ප්‍රතිලාභය 2025.09.18 දින සිදු කෙරෙණි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ (ඡායාරූපයේ දකුණු පස) ප්‍රධානත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ (ඡායාරූපයේ දකුණු පස දෙවැනියා) අධීක්ෂණයෙන් සහ විෂය භාර නිලධාරීතුමාගේ (ඡායාරූපයේ වම් පස දෙවැනියා) මැදිහත්වීමෙන් අදාළ අයදුම්කරුට වෛද්‍යාධාර කඩිනමින් ලබා දීමට කටයුතු කෙරිණි.
ජනාධිපති අරමුදල මගින් ලබා දෙන වෛද්‍යාධාර සහ අනෙකුත් ආධාර සේවා දැන් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වඩාත් පහසුවෙන් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා .Click Here.
හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ ආකල්ප හා ධාරිතා සංවර්ධන වැඩසටහනක් 2025.09.23 දින ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේදී පැවත්විණි. අනුරාධපුර දිස්ත්‍රික් ඵලදායිතා සම්බන්ධිකාරක සිසිර දිසානායක මහතා විසින් මෙම වැඩ සටහන සිදු කරන ලදි.
කාර්‍ය්ක්ෂම ආර්ථික සංවර්ධන නිලධාරියකු සදහා අවශ්‍ය වන ආකල්ප හා ධාරිතා සංවර්ධනය කිරිමේ අරමුණින් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් උදේශිකා කේ රාජපක්ෂ මහත්මියගේ අදහසක් අනුව සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) චානුකා ලියනගේ මෙනවියගේ අධීක්ෂණයෙන්, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය සැලසුම් අංශය විසින් මෙම වැඩසටහන පවත්වන ලදි.
නව ප්‍රාදේශීය ලේකම් තුමිය ලෙස ඩබිලිව්.ජි. උදේශිකා කේ.රාජපක්ෂ මැතිණිය පසු ගිය 2025.09.08 දින සුබ මොහොතින් වැඩ බාරගන්නා ලදී. මෙම මොහොතයට හිටපු ප්‍රාදේශීය ලේකම් ජේ.ල්.ඇම්.ජි.ඇස්.ඇස්.එල්.ඇම්.විරසිංහ ප්‍රාදේශීය ලේකම්තුමා ද සහබාගී විය.
ආගමික වතාවන්ට මුල් තැන දෙමින් මහා සංඝ රත්නාය් ආශිර් වාදය ඇතිව කාර් යාල නිළධාරීගේ උණුසුම් පිළිගැනීමෙන් තම වැඩ ආරමභය නව ප්‍රාදේශීය ලේකම් තුමිය සිදු කෙරිණි.




















