2026 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
117 සිංහලවලහාවිද්දවැව
- සි/වලහවිද්දවැව ග්‍රා.නි.වසමේ ව්‍යවසායකත්ව සංවිධානය මගින් වසමේ දැනට පවතින ගොඩනැගිල්ලක කිරි ආශ්රිත නිෂ්පාදනය සදහා අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබාදීම.
118 රස්නකවැව
- රස්නකවැව මොරගොඩ පාර ප්‍රවේශ කෘෂි මාර්ගය සපත්තු පාලම් 02ක් හා බෝක්කුවක් සහිතව අවශ්‍ය ස්ථානවලට බොරළු දමා කි.මි 03 ක් පමණ ප්‍රතිසංස්කරණය කිරිම.
120 වැලිමුවපොතාන
- වැලිමුවපොතාන එක්සත් ගොවි සංවිධානයට බිත්තර වී නිෂ්පාදනය සදහා අවශ්‍ය උපකරණ හා දැනුම ලබාදීම
121 නිකවැව
- නිකවැව ඉහළ කුඹුක්වැව මාර්ගයේ සිට ආර් කාසිම්ගේ නිවස දක්වා ඇති මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම
124 ගම්මහේගේවැව
- කුඩාගම ප්‍රියන්ත මහතාගේ නිවස අසල කෘෂි මාර්ගය කි.මී. 1ක් පමණ බොරළු දමා,බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
125 කල්පේ
- මැකිච්චාව පැරකුම් ගොවි සංවිධානයට ධීවර ආම්පන්න ලබාදීම සහ මත්ස්‍ය පැටවි අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරිම.
126 වඩිගවැව
- නිල් නටරොළු ව්‍යාපෘතිය සදහා විජලන යන්ත්‍ර 02ත් ලබාදීම
- ගල්වැටිය අමුණ හා වේල්ල ප්‍රතිසංස්කරණ කිරිම
129 කිවුලේකඩ
- කිව්ලේකඩ කරීම් මහතාගේ නිවස අසලින් යන කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- මොටගෝනෑව වාන් ඇල ප්‍රතිසංස්කරණය කිරීම.
131 නානුමිල්ලවැව
- නානුමිල්ලෑව ප්‍රධාන මාර්ගයේ සිට පුරාණ ගම්මානය දක්වා කරත්ත පාර කෘෂි මාර්ගය බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම.
132 විලේවැව
- ඩෝසර් යාය හංදියේ සිට එච් රණතුංග මහතාගේ ඉඩම දක්වා යන හේන් යායට ප්‍රවේශ කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
134 පුහුලේවැව
- 134, 135 වසම්වල ප්‍රතිලාභීන් ආවරණය වන පරිදි පුහුලේවැව වසමේ ඇති වර්ල්ඩ් විෂන් ආයතනයට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ස්වයං රැකියා මධ්‍යස්ථානයක් ගොඩනැගීම සදහා අවශ්‍ය පහසුකම් සැලසීම.
135 මොරවැව
- 134, 135 වසම්වල ප්‍රතිලාභීන් ආවරණය වන පරිදි පුහුලේවැව වසමේ ඇති වර්ල්ඩ් විෂන් ආයතනයට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ස්වයං රැකියා මධ්‍යස්ථානයක් ගොඩනැගීම සදහා අවශ්‍ය පහසුකම් සැලසීම.
136 තිරප්පන්කඩවල
- පුබුදු ග්‍රාම සංවර්ධන සමිතිය සදහා වසමේ දැනට පවතින පොදු ගොඩනැගිල්ලක ධාන්‍ය සැකසීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය උපකරණ හා පුහුණු වැඩසටහන් ලබා දීම.
137 තවලන්හල්මිල්ලවැව
- තවලම්හල්මිල්ලෑව ගොවි සංවිධානයට ධීවර ආම්පන්න ලබාදීම සහ මත්ස්‍ය පැටවි අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරිම.
138 ආනඔලොන්දෑව
- ආනඔලොන්දෑව සිට තිඹිරිඇත්තාවලට යන ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස බොරළු දමා (බෝක්කු සහිතව) සංවර්ධනය කිරීම.
139 වීරසෝලේ
- වාහල්කඩ යන පාර සිට මර්සුක් මහතාගේ නිවස දක්වා යන ප්‍රවේශ කෘෂි මාර්ගය මිටර් 500 පමණ බොරළු අතුරා සංවර්ධනය කිරීම.
- තාමරවැව ජයන්ත මහතාගේ ඉඩම සිට කුඹුරු යායට ප්‍රවේශ කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
141 පහල දිවුල්වැව
- පහල දිවුල්වැව පී.කුමාරසිංහ මහතාගේ නිවස අසල සිට මොරගොඩ යාය දක්වා දිවෙන කෘෂී මාර්ගය ධර්මසේන මහතාගේ කුඹුර දක්වා ප්‍රතිසංස්කරණය කිරිම
142 දුටුවැව
- දුටුවැව වසමේ කිරි ගොවි ගම්මානයක් ස්ථාපනය කිරීම සදහා කිරි ගොවි සමිති සඳහා පුහුණු වැඩසටහන් හා අත්‍යාවශ්‍ය උපකරණ ලබාදිම.
144 වාහල්කඩ ඩී01
- 144 වාහල්කඩ ඩි 01 හා 145 වාහල්කඩ ඩි 02 තුලාන් දෙකේ ධිවරයන්ට දැනට පවතින පොදු ස්ථානයක ශිතාගාරයක් ඉදිකිරීම හා විදුලිය ලබාදීම.
146 මරදන්මඩුව
- රත්නසේන මහතාගේ වෙළද සැල අසල සිට මරදන්මඩුව වාන් ඇල දක්වා දිවෙන කෘෂි මාර්ගය සංවර්ධනය කිරිම.
148 වෙලන්ගහඋල්පත
- වෙලංගහඋල්පත වසම සදහා පොදු කමතක් ඉදිකිරීම.
- වෙලංගහඋල්පත වසමේ ජල පෙරන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම.
149 පරංගියාවාඩිය
- සමෘද්ධී ගොඩනැගිල්ල අළුත්වැඩියා කර විදුලිය ලබාගැනිම හා පොල් තෙල් සිදින යන්ත්‍රයක් සවිකිරිම.
150 පුලියන්කඩවල
- පුලියංකඩවල ග්‍රාම නිලධාරි වසමේ කාන්තා සමිතිය සදහා පාවහන් නිෂ්පාදනය සදහා අවශ්‍ය උපකරණ සහ දැනුම, පුහුණුව ලබාදීම.















