හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ ජයසිංහ ඉරුගල්බණ්ඩාර මහතා 2026.01.06 දින ස්ථානමාරුවී යාම හේතුවෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු අවසන් කළේය.හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ ජයසිංහ ඉරුගල්බණ්ඩාර මහතා 2026.01.06 දින ස්ථානමාරුවී යාම හේතුවෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු අවසන් කළේය.පුරා වසර 04 කට ආසන්න කාලයක් සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස විවිධ අවස්ථාවන් යටතේ තම සේවය නොපිරිහෙලා හොරොව්පොතාන කොට්ඨාසය වෙනුවෙන් ඉටු කළේය. මාණ්ඩලික නිලධාරීන්ගේ පුරප්පාඩු පැවති අවස්ථාවලදී පරිපාලන සේවයට නවකයෙකු වුවද, නොසැලී අවශ්‍ය නායකත්වය හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දීම එතුමාගේ සේවා කාලය තුළ කැපී පෙනුණ අතර බොහෝ දෙනාගේ පැසසුමටද ලක් විය.ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් කාර්යාලයේ සියලු නිලධාරීන් එක්ව එතුමාගේ සේවය ඇගයීම සඳහා උපහාර උත්සවයක් පවත්වන ලදී.
ස.ප්‍රා.ලේ ලෙස කටයුතු කළ ජයසිංහ ඉරුගල්බණ්ඩාර මහතා 2026.01. 06 දින ස්ථානමාරුවීම සිදු විය.















